අයර්ලන්තයේ බලාපොරොත්තු සුන් කරමින් ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

0
16

2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම හා ඇෆ්ගනිස්තානු කණ්ඩායම අතර හරාරේහී ඊයේ පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලු 05ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමත්විය.ඒ අනූව ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානු කණ්ඩායම පන්දු 05ක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 05ක් දැවී සපුරාගැනීමට සමත්විය.

වැඩිම ලකුනු ලාභියා වූ ආරම්භක පිතිකරු මොහොමඩ් ශේෂාඩ් පන්දු 50ක් තූල හයේ පහර 02ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුනු 54ක් රැුස් කළ අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන්
ගුල්බඩින් නයිබ්(45) සමග එක්ව ලකුණු 86ක් එක් කිරීමට සමත්විය.

ආරම්භක කඩුල්ල දැවී යාමත් සමග අයර්ලන්ත පන්දු යවන්නන් තරගයේ පාලනය යම් තාක් දුරට තමන් සතු කරගැනීමට සමත්වුවත් නායක අස්ගර් ස්ටැනික්සායි හා නජිබුල්ලා සද්රාන් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ වේගවත් ලකුනු 36ක සම්බන්ධතාව හේතුවෙන් තරගයේ ජය ඇෆ්ගනිස්තානු පිල සතුවිය.

වේගවත් පිතිහරඹයක නිරත වු නායක අස්ගර් පන්දු 29කදී එක් හයේ පහරක් හා හතරේ පහර 04ක් සමිග්න නොදැවී ලකුනු 39ක් රැස් කළ අතර සද්රාන් නොදැවී ලකුණු 17ක් රැස් කළේය.

පන්දු යැවීමේදී අයර්ලන්ත කණ්ඩායම වෙුනවෙන් සිමි සිංග් ලකුනු 30කට කඩුලු 03ක් දවා ගැනීමට සමත්විය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත පිළ නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07ක ලකුණු 209ක් රැස් කිරීමට සමත් වූ අතර එහිදී ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින් ලකුනු 55ක්ද කෙවින් ඕබ්‍රියන් පන්දු 37කදී ලකුනු 41ක් රැස් කළේය.

ඇෆ්ගනිස්තානු කණ්ඩායම වෙනුවෙන් රශීඩ් ඛාන් ලකුණු 40කට කඩුලු 03ක් දවා ගැනීමට සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here