අවසන් තරගයේ නොමැකෙන සටහනක් තබමින් ‘මොර්කල්’ ක‍්‍රිකට් පිටියට සමුදෙයි..

0
54

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කන්ඩායම හා දකුනු අප‍්‍රිකානු කන්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුනු 322ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට දකුනු අප‍්‍රිකානු කණ්ඩායම අද(25) සමත්විය.ඒ අනුව තරග 04කින් යුත් ටෙස්ට් තරාගාවලිය මේ වන විට තරග 2-1ක් ලෙස අප‍්‍රිකානු පිළ ඉදිරියෙන් පසුවෙයි.

කාසිය වාසිය දිනු දකුණු අප‍්‍රිකානු කන්ඩායම කේප්ටවුන් තණතීරුවේ පළමුව පන්දුවට පහරදුන් අතර ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් විිශිෂ්ට ඉනිමක් හේතුවෙන් පළමු ඉනිම වෙනුවෙන් අප‍්‍රිකානු පිළ සියල්ල දැවී ලකුනු 311ක් රැස් කළේය.

ඩිවිලියර්ස්(64) සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් 128ක සම්බන්ධතාවක් පැවැත්වූ ඩීන් එල්ගාර්(141*) ගේ නොදැවුණු ඉනිම එක් හයේ පහරකින් හා හතරේ පහර 20කින් අලංකාර විය.

පන්දු යැවීමේදී පැටි කමින්ස් ලකුනු 78ට කඩුලු 04ක් දවාගත් අතර නෙදන් ලයන් හා ජොස් හෙසල්වුඩ් කඩුලු 02 බැගින් බිද හෙළීය.

අනතුරුව සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රිඩා කළ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුනු 255ක් පමණි.ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් ලකුණු 77ක් හා නෙදන් ලයන් ලකුනු 47ක් ලබාගත් අතර ටීම් පේයින් නොදැවී ලකුනු 34ක් රැුස් කළේය.

අප‍්‍රිකාව වෙනුවෙන් සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගී වන මොර්නි මොර්කල් කඩුලු 04ක් බිද දැමූ අතර කාගිසෝ රබාඩා කඩුලු 04ක් බිද දැමූහ.

පළමු ඉනිමේ ලකුනු 56ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹු දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සිය දෙවැනි ඉනිමට සියල්ල දැවී ලකුනු 373ක් එක් කළේය.ආරම්භක පිතිකරු ආදීන් මාක්රම් අගනා ලකුනු 84ක් ලබාගත් අතර දෙවැනි ඉනිමේදී ද අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුනු 63ක් රැස් කිරීමට ඩිවිලියර්ස් සමත්විය.ඊට අමතරව ක්වන්ටන් ඩී කොක්(65) හා වෙන් ෆිලැන්ඩර් (52*)අර්ධ ශතක වර්තා කිරීම සමත්විය.

ජයග‍්‍රණය සදහා ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ ඔස්ටේ‍්‍රලියානු පිළ අප‍්‍රිකානු පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වෙමින් සියලුම පිතිකරුවන් ලකුනු 107කට සීමා විය.

යළිත් වරක් පන්දුවෙන් දස්කම් දැක්වූ මොර්නි මොර්කල් සිය අවසන් තරගයේ නොමැකෙන සටහනක් තබමින් දෙවැනි ඉනිමේ කඩුලු 05ක් දවා ගැනීමට සමත්වු අතර තරගයේ වීරයා ලෙසින්ද සම්මාන හිමිකරගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here