”ආබාධ වුණ එක හොදයි” තරගාවලියට පෙරම අප‍්‍රිකාවෙන් ලංකාවට කින්ඩියක්…

0
88

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩාගේ ආබාධ තතත්වය දකුණු අප්‍රිකා කණ්ඩායමට වෙස්වළාගත් ආශිර්වාදයක් විය හැකිබව දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ඇලන් ඩොනල්ඞ් විදෙස් මාද්‍යයක් සමඟ අදහස් දක්වමින් පවසා ඇත.

“ඇත්තටම අභාදයකට ලක්වීම හොඳ දෙයක් නෙවෙයි,හැබැයි මේ වෙලාවේ රබාඩා අභාදයකට ලක්වෙලා ඉන්න එක ඔහුට වගේම අපේ කණ්ඩායමටත් හොඳයි,IPL සෙල්ලම් කලානම් රබාඩාට විවේකයක් ගන්න තියන අවස්තාව නැති වෙනවා.දැන් ඔහුට පුළුවන් විවේක අරගෙන ශ්‍රී ලංකාව එක්ක තරඟාවලියට අලුත් ශක්තියක් එක්ක කණ්ඩායමට එන්න.”

තවමත් 22 හැවිරිදි වියේ සිටින රබාඩා නවතම අන්තර් ජාතික ටෙස්ට් පන්දු යවන්නන්ගේ සටහනේ පෙරමුණේ රැදී සිටින අතර මෑත කාලයේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ ජයග්‍රහණ පිටුපස සිටි ප්‍රධාන බලවේගයක් ලෙසද රබාඩා හැඳින්විය හැක.

දකුණු අප්‍රිකා කණ්ඩායම අවසාන වරට මුහුණ දුන් ඕස්ටේලියාව සහ දකුණු අප්‍රිකාව අතරපැවති ටෙස්ට් තරගාවලිය තරග 3-1 ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාවට හැකි වූ අතර එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා ලෙස කැපී පෙනුන රබාඩා සමස්ත තරගාවලිය තුළදී කඩුලු 23ක් බිඳ හෙළමින් තරගාවලියේ වීරයා බවටද පත් විය.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටියත් රබාඩාගේ ආබාධිත තත්වය නිසා මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියද ඔහුට අහිමි විය.

රබාඩාගේ ආබාධිත තත්ත්වය නිසා ඔහුට මාස 3ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි බව දකුණු අප්‍රිකා ක්‍රිකට් මණ්ඩලය ප්‍රකාශ කර ඇති අතර එළඹෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟාවලියට රබාඩා ක්‍රීඩා කරන බව සඳහන් වේ.

ඇලන් ඩොනල්ඞ් ගේ ප්‍රකාශයට අනුව පැහැදිලි වන්නේ, රබාඩා මාස 3 ක කාලයකින් පසුව ශ්‍රී ලංකා සංචාරය සඳහා එක්වීම නිසා ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කිරිමේ අවස්ථාව තිබෙන බවයි.

“ඔහු තමයි දැන් තරුණ වේගපන්දු යවන්නන් අතරින් හොඳම වේගපන්දු යවන්නා ,ඉතින් රබාඩා විවේකයක් අරගෙන නැවත කණ්ඩායමට ඇවිත් පන්දු යවද්දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඒක ලෙසි වෙන එකක් නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here