කුරුනෑගල ප්‍රදේශයේ නිවසට ඇතුළුවී ගේහිමියන්ට විනකැටු වසර පහකට පෙර මියගිය ආච්චිගේ අවතාරය මට්ටුකළ හැටි මෙන්න

0
55

කුරුණෑගල, කුඩා ගම්මානයක ජීවත් වන වඩු කාර්මිකයෙකු වූ පියතිලකගේ නිවසේ ජීවත් වූයේ ඔහුගේ බිරිඳ පියවතීත්, වැඩිමල් පුතා වූ රුවන් හා බාල දියණිය සිරිමලීත් ය. මොවුන්ට ආර්ථිකයෙන් මහ ලොකු අගහිඟකම් තිබුණේ නැත. නමුත් දියුණුවක් ද තිබුණේ නැත. නිවසේ බොහෝ දුරට රැඳුණේ සිරිමලීත් පියවතීත් පමණි. රුවන් නිවසේ රැඳුණේ සවස් යාමයෙන් පසු ය. ඔහු නිරන්තරයෙන්ම මිතුරන් සමඟ ගැවසෙමින් කාලය ගත කරන්නෙකි. පියතිලක නිවසට පැමිණෙන්නේද සවස් කාලයේදීය. උදෑසනම තම රාජකාරි කටයුතු සඳහා පිටත්ව යන පියතිලකට එදිනෙදා සිදු​ෙවන සෑම දෙයක්ම නිවසට ගොඩවැදුණු වහාම පැවසීම පියවතීගේ පුරුද්දක් විය.

දිනක් හදිසියේම නිවසේ සාලයේ ජනේලයක දමා තිබූ ජනෙල් රෙද්දක් ගිනි ගන්නා බව පියවතීට දැකගන්නට ලැබුණි.

“අපොයි අපොයි පොඩි දුවේ ඉක්මනට වතුර බාල්දියක් ගේන්න” යැයි පියවතී දියණියට කෑ ගසමින් පැවසුවාය.

සිරිමලී වහා වතුර බාල්දියක් රැගෙන මව සිටින දෙසට පැමිණෙන විට ජනෙල් රෙද්ද ගිනි ගනිමින් තිබුණි. ඉක්මනට වතුර බාල්දියේ තිබූ ජලයෙන් ගින්න නිවා දැමූ පියවතී අසල තිබුණු පුටුවකට බර වී කල්පනාවට වැටෙන්නට වූවාය.

“ඇයි අම්මේ එක පාරටම මොකද වුණේ” සිරිමලී තම මවගෙන් ඇසුවත් එයට පිළිතුරක් නොදුන් පියවතී එතැනින් ඉවතට ගියාය. තම සැමියා පැමිණෙන තෙක් බලා සිටි පියවතීට පියතිලක පැමිණෙන අයුරු දැක ගැනීමට ලැබුණි. ඉස්පාසුවක් නොවුණු ඇය ගෙට ගොඩවැදීමටත් පෙරම පියතිලක හට සිද්ධිය පවසා සිටියාය. “ආ ඕක ගණන් ගන්න එපා නෝනේ. ඔතන පත්තු කරපු හඳුන්කූරක් හරි මොකක් හරි තියෙන්න ඇති” පියතිලක තම බිරිඳ අස්වැසීය.

“දැකපු හින්දා හොඳා” පියවතී සිතුවාය. එහෙත් එය කෙසේ සිදුවූයේ ද යන්න ඇයට ඉමහත් ගැටලුවකි.

පසුදා උදෑසන අමුතු ගන්ධයක් පියතිලකගේ කාමරයෙන් දැනෙන්නට විය. පියවතී වහා වහා එදෙසට ගොස් බලන විට පියතිලකගේ කමිසයක් මැදීම සඳහා අයන් බෝඩ් එක උඩ තබා අයන් එකද ස්විචය දමා කමිසය මත තබා ඇත. එහෙත් ඒ අසල කිසිවකුත් නොමැත. කමිසය හොඳටම පිච්චී ගොසිනි. ඉක්මනට ස්විචයෙන් අයන් එක ගලවා දැමූ පියවතී නාන කාමරය දෙසට දිවගොස්,

“මේ ඇහුණද, ඔයා කමිසෙ මැදලා එහෙමම තියලා ඇවිත් හොඳටම කමිසෙ පිච්චිලා” කියමින් නාන කාමරයේ පිටත සිට කෑ ගසන්නට විය. පියතිලක වහා පැමිණ “මං මැදපු කමිසයක් නෑ. කොයිකටත් බලමු” කියමින් තම බිරිඳ සමඟ කාමරය වෙත ගියේය.

“පොඩි දුවගෙන් අහලා බැලුවොත් හොඳා නේද? කෙල්ලනේ මගේ කමිස මැදල දෙන්නෙ” යනුවෙන් පියවතීට පැවසීය. නමුත් සිරිමලී නිවසේ කොතනකවත් සිටිනු දක්නට නොලැබුණු අතර, ඇය මල්පැළවලට සාත්තු කරමින් සිටිනු දක්නට ලැබුණි. “පුතේ ඔයාද මගේ කමිසේ මැද්දෙ” පියතිලක දියණියගෙන් විමසුවත් ඇය එයට පිළිතුරක් දුන්නේ හිස දෙපසට වනමින් නැතැයි කියමිනි.

“මේක පුදුම වැඩක්නේ. කොල්ලත් හොඳටම නිදි. නෝනෙට අමතක වුණාවත්ද දන්නෑ” පියතිලක සිතන්නට විය.

මෙසේ දින කීපයක් ගත වූ අතර හදිසියේම එක් සවස් වරුවක,

“අම්මේ, අම්මේ මේ බලන්නකො මගේ ඇඳුම්වලට වෙලා තියෙන දේ” කියමින් රුවන් තමන්ගේ ඇඳුම් කීපයක් සාලය වෙත ගෙන එන්නට විය. රුවන්ගේ කමිස කීපයක්ම තැනින් තැන පිලිස්සී ඇත.

“අනේ මේ මොකද මේ. කවුද මේක කෙරුවේ. පොඩි දුවේ මේ එන්න” යැයි පියවතී තම බාලදියණියට අඬගැසීය. එහෙත් ඇය ඒ මොහොතේ ද නිවසේ අහලකවත් නොවීය. ඇඳුම් සියල්ල පිලිස්සී ඇත්තේ විනාඩි කීපයකට පෙර බව මවටත් පුතාටත් වැටහෙන්නට විය. එහෙත් එය කළේ කවුරුන් විසින්ද යන්න ගැටලුවක් විය.

“අනේ මන්දා පුතේ. ටික දවසකට කලිනුත් ජනෙල් රෙද්දක් ගිනි ගත්තා. ඊට පස්සේ තාත්තාගේ කමිසයක් එහෙමම අයන් එකට පිච්චිලා. තාත්තාවත් නංගීවත් කමිසෙ මැදලා නැහැ. මං හිටියෙත් කුස්සියේ. සාලෙට එන්න හදද්දී අමුතු පිච්චෙන ගඳක් දැනුණ නිසා බැලින්නම් කමිසෙ පිච්චෙනවා. මට නම් තේරෙන්නෙ නැහැ මේ මොනවද වෙන්නේ කියලා” පියවතී තම පුතුට සියල්ල පැවසුවාය.

“එහෙම වෙන්නෙ කොහොමද අම්මේ. භූතයෙක් ප්‍රේතයෙක් කරනවද මේවා. කාගේ හරි අතින් තමයි වෙන්න ඕනේ. හොඳයි මං හොයාගන්නම්කො” රුවන් කේන්තියෙන් තම කාමරය වෙත ගියේය. මෙදිනද සිදුවූ සියල්ලම තම සැමියා වෙත පවසා සිටි පියවතී,

“මහත්තයා මොකක් හරි මේකට කරන්න ඕනෑ. බලාගෙන ඉඳලා බැහැ” යනුවෙන් තම සැමියාට කීය. මෙදින රාත්‍රියේ නින්දට යාමට පෙර නෑමට ගිය සිරිමලී,

“අම්මේ මේ බලන්න ඉක්මනට එන්න මේ තුවාය ගිනි ගන්නවා” කියමින් කෑ මොර දෙන්නට පටන් ගත්තාය. සියල්ලෝම එදෙසට පැමිණුන අතර, පියතිලක වහා තුවාය බිම දමා පාගා ගිනි ඇවිළීම නවතා දැමීය.
නිවස තුළ සිදු​ෙවන අද්භූත සිදුවීම් පිළිබඳව බොහො කලබලයට පත්වී සිටි පියවතී ගමේ සිටින කපු මහතා හමුවීමට ගොස් සියල්ල පවසා සිටියාය.

“අනේ කපු මහත්තයා මේකට මොකක් හරි කරලා දෙන්න. මීට වඩා ලොකු දෙයක් වෙන්න කලින්” කපු මහතා ආරූඪයෙන් පවසා සිටියේ නිවසට ප්‍රේත ආත්මයක් ඇතුළ් වෙලා සිටිනවා යන්නය. බොහෝ බියට පත් පියවතී “අනේ ඒ මොකද අනේ මොකක් හරි කරන්න අපේ දරුවොන්ට මොකුත් වෙන්න හොඳ නෑ” කපුමහතාට ඇය බැගෑපත් විය.

“හොඳයි දැනට මේ මතුරපු වැලි ටික ගෙයි හතර කොනේ ඉහින්න. ඊට පස්සේ හරියයි” කපු මහතා පියවතීට මතුරපු වැලි පොට්ටනියක් ලබාදුනි. එයද රැගෙන හිතේ සැහැල්ලුවෙන් නිවසට පැමිණි පියවතී ගෙයි හතර කොනේ මතුරපු වැලි ටික ටික දැමුවාය.

මෙලෙස දින කීපයක් ගත විය. ගිනි ගැනීමේ සිද්ධීන් පිළිබඳව හා හූවද ක්‍රමයෙන් අඩුවී ගියේය. වේලාව දවල් දොළහට එකට විතර ඇත. පියවතී මිදුල දෙසට පිය නගන විට දැක ගැනීමට ලැබුණේ වැලේ එල්ලා දමා තිබෙන සියලු රෙදි ගිනි ගනිමින් තිබෙන අයුරුය.

“අපොයි අපොයි මේ මොකක්ද වෙන්නේ. පොඩි දුවේ ඉක්මනට එන්න. අපොයි දෙයියනේ” කියමින් ඉක්මනට නිවසට තුළට දිවවිත් වතුර බාල්දි කීපයක්ම රැගෙන විත් රෙදිවලට ඇවිළෙමින් තිබූ ගින්න නිවා දමා රෙදි වැලද කපා දැමුවාය.

“අනේ බලන්නකො වෙච්ච දේ” කියමින් සවස නිවසට පැමිණි පියතිලකට සිද්ධිය පැවසූ පියවතී “ආයෙත් මං කපු මහත්තයා හම්බෙන්න යනවා හෙට උදේ” කීවාය.

පසුදාම කපු මහතා හමුවී සිද්ධිය පැවසූ පියවතීව කපු මහතා අස්වැසුවේ “මං කීවනේ ගෙදරට ප්‍රේත ආත්මයක් ඇතුළු වෙලා කියලා. මං වැලි මතුරලා ටික දවසකට ඕක නැති කරලා දැම්මා. ඒත් ඕක සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න ශාන්තිකර්මයක් කරන්න වෙයි” කියමිනි. පියවතී එදින නිවසට පැමිණි තම සැමියාට කපු මහතා පැවසූ සියල්ල පවසා සිටියාය.

“එහෙනම් ඒකත් කරලා බලමු” පියතිලකගේ අදහස විය. නැවත දෙදෙනාම කපු මහතා හමුවී අවශ්‍ය කළමනා මොනවාදැයි අසා දැනගත් අතර, ශාන්තිකර්මය කිරීමට රුපියල් තිස්දහසක මුදලක්ද අවශ්‍ය කළමනාවලට රුපියල් පහළොස් දහසක්ද අවශ්‍ය බව දන්වා සිටියේය. දියණිය වෙනුවෙන් ඉතිරි කර තිබූ සියලු මුදල් ශාන්තිකර්මය සඳහා ලබාගැනීමට පියතිලකටත් පියවතීටත් සිදුවිය.

ගෙදරට ඇතුල්වෙලා ඇති ප්‍රේත ආත්මය එලවා දැමීමට වෙනත් කළ යුතු දෙයක් නොවීය. සියල්ල ලෑස්ති කෙරුණි. ශාන්තිකර්මයද පටන් ගැනුණි. කපු මහතා ද ආරූඪයෙන් මොනවාදෝ කියමින් දඟලමින් නටමින් කෑ ගසමින් ප්‍රේත ආත්මය එළවා දැමීමට මහත් වෙහෙසක් දරයි. අලුයම තුනහමාරට පමණ ශාන්තිකර්මය අවසන් කළ කපු මහතා “දැන් ඉතිං කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔක්කොම අමනුස්සයින්ගේ ක්‍රියා අහවරයි” පවසා තම කාර්යභාරය නිමා කර නිවසින් පිටත් වූයේ පොරොන්දු වූ මුදල්ද රැගෙනය. සියලුදෙනාගේම අත්වලට නූල් බැඳ නිවසේ ඇතුළේ කුඩා කුප්පි එල්ලා මිදුලේත් හතර කොනේම කුප්පි වළලා නිවසට යළිත් නොඑන ලෙසටම ප්‍රේත ආත්මය නිවසින් එලවා දැමුණි.

නමුත් මෙලෙස ගතවූයේ මාස එකහමාරක පමණ කාලයක් පමණි. නැවත නැවත නිවසේ කාගේ හෝ ඇඳුමක, මේසයක හෝ ජනේලයක දමා ඇති රෙද්දකට හෝ රෙදි වැලේ දමන රෙදිවලට ගිනි ගැනීම් සිදුවූයේ සියල්ලන්ම තව තවත් අසරණ කරමිනි. කපු මහතාගේ ශාන්තිකර්මයෙන් නැතිවූයේ ඉතුරු කරගත් මුදල් පමණක් බවත් ප්‍රේත ආත්මය ඉවත් වී නැති බවත් සියල්ලන්ටම තේරුම් ගියහ. එහෙත් නිවසට බලපාන ප්‍රේත ආත්මය එළවා දැමීමට කපු මහත්තුරුන්ට මුදල් ගෙවීමට තරම් ඔවුන් සන්තකයේ මුදල් නොවීය.

මෙලෙස අද්භූත සිද්ධීන් සිදු​ෙවන අතුරතුරදී රුවන් තම මිතුරකුට මේ සියලු සිදුවීම් පැවසුවේය.

“ආ මචං උඹලත් ඕවා විශ්වාස කරනවද. ඕකට අපි ඩොක්ට කෙනෙක් ළඟට යමු” මිතුරා පැවසීය.

“උඹට පිස්සුද? ඩොක්ට කෙනෙක් ළඟට ගිහින් මොනවා කරන්නද” රුවන්ගේ අදහස විය.

“ඇයගේ මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ පාසල් යාමට ඇයගේ තිබූ ප්‍රධාන අකමැත්ත සහ ඇයගේ ශරීරයේ තිබූ පැහැපත් බව අඩුවීම, අඟපසඟෙහි තිබූ අවලස්සන ආදී හේතු නිසා ඇයගේ හිතේ ඇති වූ මානසික අවපීඩනය නිසායි. එසේම, ගිනි ගැනීමක් වැනි දෙයකදී ගිනි තබා යම් කිසි වේලාවකට පසු තමයි අන් අය දැනගන්නේ. ඒ ​ෙවනවිට ඇය තමන් ළඟට ඇවිත්. ඒ වගේම ඇය සාමාන්‍ය ජීවිතයේදී ඔබටවත් තාත්තාටවත් සහෝදරයාටවත් කිසිම වරදක් කරන්නේ නැහැ. නමුත් මේක අසාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි තැන්වලදී ඇතැමුන් සිතා මතා පලිගැනීමට මෙවැනි දේ කරනවා. ඇතැමුන් මෙවැනි දේ කරන්නේ අවිඥානිකවයි.

“නෑ බං ඔය භූත දෝෂ නැති කරලා දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා අපි යමු හෙට” රුවන්ගේ මිතුරාගේ යෝජනාව විය. රුවන් පසුදාම තම මිතුරා සමඟ පියා, මව හා නැගණිය කැටුව මිතුරා පැවසූ පරිදි ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවීමට ගියේය.

වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මුලින්ම සිදුකළේ නිවසේ අයගෙන් වෙන වෙනම මෙම සිදුවීම් පිළිබඳව හොඳින් අසා දැනගැනීමයි. ඉන්පසු ගිනිගත් ස්ථාන, එම අවස්ථාවේ නිවසේ සිටි පුද්ගලයින්, ගිනිගත් ද්‍රව්‍ය ගැන සියල්ල අසා දැනගත්තේය. පැය තුනක හතරක කාලයකින් පසුව විද්‍යාකුලපති මහතා නිවැසියන් හට සිදුවීම විස්තර කරන්නට විය.

“බියක් ඇති කරගත යුතු නැහැ. සම්පූර්ණයෙන් ගැටලුව විසඳුනා. අදින් පස්සේ මේ නිවසේ කිසිඳු ගිනි ගැනීමක්වත් වෙනත් කිසි අලාභ හානියක්වත් සිදු​ෙවන්නේ නැහැ. සියලු දේ අදින් පස්සේ නිමයි” කියමින් සියල්ල විස්තර කරන්නට විය.

මෙය සිදුකර ඇත්තේ කවුරුන්ද යන්නත් එය සිදුකර ඇත්තේ සියයට සියයක්ම දැනුම්වත්ව නොවන බවත්, මෙය මනෝ භාවයක් මත සිදුවූ දෙයක් බවත් විද්‍යාකුලපති මහතා හොඳින් පැහැදිලි කරදුණි. සිදුවීම පිළිබඳව පැහැදිලි කරන්නට ප්‍රථමයෙන් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මුලින්ම සිරිමලීව කැඳවා මෝහන නිද්‍රාවට පත්කළ පසු එහි ඇතුළාන්තය මෙසේ විය.

වෛද්‍යවරයා හා මෝහනයට පත් සිරිමලී අතර වූ සංවාදය මෙලෙසය.

වෛද්‍යවරයා : කවුද මේ හැම දෙයක්ම ගිනි තැබුවේ?
සිරිමලී : අපේ ආච්චි.
වෛද්‍යවරයා : ආච්චි කොහෙද ඉන්නේ.
සිරිමලී : ආච්චි දැන් මැරිලා අවුරුදු පහක් වෙනවා.
වෛද්‍යවරයා : එතකොට කොහොමද ආච්චි ගිනි තිබ්බේ?
සිරිමලී : එයා මැරුණට අපේ ගෙදරම ඉන්නවා. සමහර වෙලාවට අපේ ගෙදරට එනවා. වෙලාවක් නැහැ.
වෛද්‍යවරයා : ඔබට පෙනුණද?
සිරිමලී : ඔව්. සැරින් සැරේ මට පේනවා.
වෛද්‍යවරයා : ආච්චි මොන වගේද?
සිරිමලී : සුදු සාරියක් ඇඳගෙන අත්වැසුම් දාගෙන ගෙදරට එන්නේ. ආච්චි මිනිපෙට්ටියේ ඉන්නකොට තිබුණු ඒ සුවඳත් එක්ක අපේ ගෙදර එන්නේ.
වෛද්‍යවරයා : එතකොට ගිනි තැබුවේ කොහොමද?
සිරිමලී : ආච්චි මගේ ඇඟට ඇතුළු වෙලා ඒක කරා.
වෛද්‍යවරයා : එතකොට ඒ කළේ ඔබේ ශරීරය හරහා.
සිරිමලී : ඔව්.

මෙලෙස වෛද්‍ය විද්‍යාකුලපති මහතා සහ සිරිමලී අතර පැය එකහමාරකට අධික කාලයක් ප්‍රශ්න කෙරුණු අතර, “මෙය ඇත්තටම ඔබේ ආච්චි කරපු දෙයක් නෙමෙයි. මෙය ඔබේ සිතේ හටගත් අවස්ථාවක් පමණයි” යනුවෙන් පහදා දී ඇයව මෝහන නිද්‍රාවෙන් අවදි කෙරුනි. තත්ත්වය එසේ වුවද පියවතීට ප්‍රශ්න රාශියක් විය.

“සමහර සිදුවීම්වලදී ඇය හිටියෙත් අපි සමඟම නේ. ගිනි ගන්න අහල පහළකවත් දූ හිටියේ නැහැනේ”

“මගේ දූ කවදාවත් තාත්තාටවත් මටවත් අයියටවත් හානියක් වන දෙයක් කරලා නැහැ. මම හිතන්නේ ඇයට ආච්චි වැහිලම මේක කරවන්න ඇති”

වෛද්‍ය විද්‍යාකුලපති මහතා විසින් තවදුරටත් මෙලෙස පැහැදිලි කළේය.

“ඇයගේ මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ පාසල් යාමට ඇයගේ තිබූ ප්‍රධාන අකමැත්ත සහ ඇයගේ ශරීරයේ තිබූ පැහැපත් බව අඩුවීම, අඟපසඟෙහි තිබූ අවලස්සන ආදී හේතු නිසා ඇයගේ හිතේ ඇති වූ මානසික අවපීඩනය නිසායි. එසේම, ගිනි ගැනීමක් වැනි දෙයකදී ගිනි තබා යම් කිසි වේලාවකට පසු තමයි අන් අය දැනගන්නේ. ඒ ​ෙවනවිට ඇය තමන් ළඟට ඇවිත්. ඒ වගේම ඇය සාමාන්‍ය ජීවිතයේදී ඔබටවත් තාත්තාටවත් සහෝදරයාටවත් කිසිම වරදක් කරන්නේ නැහැ. නමුත් මේක අසාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි තැන්වලදී ඇතැමුන් සිතා මතා පළිගැනීමට මෙවැනි දේ කරනවා. ඇතැමුන් මෙවැනි දේ කරන්නේ අවිඥානිකවයි. එවිට මේ අම්මා, තාත්තා, අයියා නේද, අපේ ධනය නේද වැනසෙන්නේ යන හැඟීම ඔවුන්ට දැනෙන්නේ නැහැ. මෙය හිස්ටීරියා ලෙස හඳුන්වන මානසික තත්ත්වයක්. එහිදී පව්-පින්, අම්මා තාත්තා බව පවා නොසලකා එය කරන අවස්ථා තිබෙනවා. නමුත් පැහැදිලිව කිව යුත්තේ මෙය ළමයා විසින් සිතාමතා සිදු නොකළ යුත්තක් බවයි. අද සිට ඔබලා විසින් ඔබේ දියණියට අවශ්‍ය ඒ සියලු මානසික පසුබිම හදන්න. ආදරය පෙන්වන්න. පාසල් යාමට බිය හා අකමැත්ත සම්බන්ධවත් අපි ඇයට තේරුම් කර දෙනවා. ඒ නිසා මින්පසු ගැටලුවක් ඇති​ෙවන්නේ නැහැ. නමුත් ළමයා විසින් මෙය සිදුකළා කියා ළමයාට වදහිංසා පමුණුවන්න එපා. ඇයට ආදරය දක්වන්න.

වසර හයක් ගතවීද ඉන්පසු කිසි දිනෙක සිරිමලීගේ ආච්චිගේ ප්‍රේත ආත්මය නිවසට ආවේ නැත.

“මෙවැනි සිදුවීම් ඇත්තටම මුදල් නාස්ති කරගෙන, උන්හිටි තැන් නැති කරගෙන විනාස විය යුතු තත්ත්වයන් නොවේ. නූතන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තුළින් සරළ ආකාරයට මේවා සම්පූර්ණයෙන්ම සුව කරගැනීමට පුළුවන්” වෛද්‍ය විද්‍යාකුලපති මහතා සියල්ලන් දැනුම්වත් කළේය.

(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here