චන්ද්‍රයා අද එකම කුණු ගොඩක්!

0
33

රැගෙන ආ කිසිවක් මෙහිදමා නොයන්න යනුවෙන් සඳහන් අවවාදයන් ඇමරිකාවේ ජාතික උද්‍යානයන් වල හැම තැනම දැකගන්නට තිබෙනවා.

නමුත් ඇමරිකානුවන්ගේ එම සදාචාරාත්මක නීතිය චන්ද්‍රයාට වලංගු වෙන බවක් නම් පෙනෙන්නට නැහැ . මොකද බස් ඇල්ඩ්රින් සහ නීල් ආම්ස්ට්‍රෝන් චන්ද්‍රයා මත පා තැබූ අවස්තාවේදී, ඔවුන් එහි රැගෙන ගිය දේවල් 101ක් චන්ද්‍රයා මත දමා නැවත පෘතුවියට පැමිණ තිබුනා. එම උපකරණ අතර මුත්‍රා බහාලුම්, එයාර්සික්නස් බෑග්, කැමරාවක් සහ චන්ද්‍ර සපත්තු යුගලයක්ද තිබුනා කිව්වොත්, ඔබ පුදුමයට පත්වේවි.

මිනිසුන් රහිත මෙහෙයුම් කෙලවර වුනේ එම යානාවන් චන්ද්‍රයා මත අනතුරට පත්වෙමින්. එම මෙහෙයුම් වලින් වාහන 70ක් පමණ සඳ මත ගොඩගැසී තිබෙනවා. මේ වන විට චන්ද්‍රයා මත කුණු කසල රාත්තල් ලක්ෂ 4ක් ගොඩගැසී තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ. මොකද විද්‍යාඥයින් සිතුවේ ඒවා රැගෙන යනවාට වඩා චන්ද්‍රයා මත දමා යාමෙන්, මුදල් සහ බලශක්තිය ඉතුරුකරගත හැකි බවයි. ඒවගේම චන්ද්‍රයා මතින් ලබාගත් සාම්පල පෘතුවියට රැගෙන යාමට අවශ්‍ය කරන ඉඩකඩ සපයාගැනීමටද රැගෙන ගිය දේවල් චන්ද්‍රයා මත දමා යෑමට සිදුවුනා. චන්ද්‍රයා මත දමාගිය දේවල් වල සම්පූර්ණ ලැයිස්තුවක් සහිත මුලාශ්‍රයක් අපි ඔබට පහතින් ලබාදෙන්නම්.

චන්ද්‍රයා මත පමණක් නොවෙයි, සිකුරු සහ අගහරු ග්‍රහයන්ගේ මතුපිට මතත් සුන්බුන් තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ඒවගේම අභ්‍යවකාශ සුන්බුන් විශාල ප්‍රමාණයක් අප පෘතුවිය වටාත් මේ වනවිටත් කක්ෂගත වෙමින් සිටිනවා.

අභ්‍යවකාශ තරගය ඇරඹුණේ 1957 වර්ෂයේදී රුසියාව විසින් ස්පුට්නික් යානාව අභ්‍යවකාශය වෙත දියත් කිරීමත් සමගයි. ඉන් පසුව ඉහල අභ්‍යවකාශය වෙත චන්ද්‍රිකාවන් විශාල සංඛ්‍යාවක් යවනු ලැබුවා. එහි ප්‍රතිපලයක් වශයෙන් තමයි අද අභ්‍යවකාශ කැලිකසල ගොඩක් ඇතිවී තිබෙන්නේ. එම සුන්බුන් අතර පාලනයෙන් ගිලිහුණු අභ්‍යවකාශ මධ්‍යස්ථානයන්, භාවිතාකල රොකට් කොටස් සහ චන්ද්‍රිකාවන් පවා තිබෙනවා. අද මේ වන විට චන්ද්‍රිකාවන් 4600ක් පෘතුවිය වටා කක්ෂගත වෙමින් සිටිනවා. ඒවගේම භාවිතා කරන ලද රොකට් වල කොටස් 14,000කට ආසන්න ප්‍රමාණයක්ද අභ්‍යවකාශයේ තිබෙනවා.

එම සුන්බුන් අභ්‍යවකාශය තුල වසර සිය ගණනාවක් පුරාවටම පවතිනවා. ඒවගේම පිටත අභ්‍යවකාශයේ වූ සුන්බුන් වසර දහස් ගණනාවක් පුරාවටම පවතිනවාට කිසිම සැකයක් නැහැ. ඒ සඳහා ඇමරිකාව වගේම රුසියාව සහ චීනයද වගකිවයුතුයි. නමුත් අභ්‍යවකාශ කැලිකසල නිර්මාණය කිරීමෙහිලා ඇමරිකාව ඉදිරියෙන් සිටින බව මතක් කලයුතුයි. ලොව ප්‍රධාන රටවල් වලින් නිපදවූ එම සුන්බුන් පැයට සැතපුම් 36,000ක් තරම් වේගයකින් ගමන් කරනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අද එය විශාල තර්ජනයක් බවට පත්ව තිබෙනවා. එවැනි වේගයකින් ගමන් කරන සෙන්ටිමීටර් 1 සිට 10ක් දක්වාවූ ප්‍රමාණයකින් යුත් කුඩා සුන්බුන් කැබැල්ලකට, අභ්‍යවකාශ යානාවකට බරපතල ලෙස හානිකරන්නට පුළුවන්.

පෘතුවියත් අපවිත්‍ර කරනු ලැබූ මිනිසා දැන් චන්ද්‍රයාත් අපවිත්‍ර කරනවා කියන හැගීම ඔබට ඇතිවෙන්නට ඇති. නමුත් මෙම ගවේෂණ කටයුතු වලදී චන්ද්‍රයා මත සුන්බුන් ගොඩගැසෙන එක වැළක්විය නොහැකි දෙයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here