තරුණ ඔබ අනිවාර්යෙන් කියවන්න.

0
60

දීර්ඝ කාලයක් සතුටින් නිරෝගිව ජිවත් වන්නට ඔබට වුවමනා ද?

ඔබගේ ජිවිතේ සුළු වෙනස්කම් කිහිපයක් සිදු කිරීම තුලින් ඔබට දීර්ඝ කාලයක් නොරෝගිව ජීවත්වීමේ හැකියාවක් ඇති බව ඔබ නොදන්නවා ඇත.අද ඔබට අප ගෙන එන්නේ එවැනි කරුණු කිහිපයක් ගැනයි.

පලමුවෙන්ම සදහන් කරනවා නම් ඔබගේ ජිවිතයේ අවසානයට ඔබව ගෙන යන ඔබ විසින් කරනු ලබන වැරදි කිහපයක් ගැන අප අවදානය යොමු කිරීම ඉතාමත් වැදගත් බව අපට සිතුනා,එනම්

1. අධික ලෙස මත්පැන් පානය
2.දුම්පානය කිරීම
3.ව්‍යායාම නොකිරීම
4. අවශ්‍යය ප්‍රමාණයට පලතුරු හා එළවලු ආහාරයට එක් කර නොගැනීම.
5.ජලය ප්‍රමාණයවත් ලෙස පානය නොකිරීම

මෙවැනි වැරදීම් තුලින් ඔබගේ සෞඛ්‍ය තත්වය ඉතාමත් බරපතල ගැටළු වලට මුහුණ දිය හැක.

මෙවැනි වැරදි චර්යා රටාවන් මගින් පමණක් නොව නිවැරදි චර්යාරටා අනුගමනය නොකිරීම නිසාද ඔබ රෝගී විය හැක.එවැනි කරුණු පිළිබදවද දැඩිව අවධානය අප යොමු කල යුතු බව ඔබ දන්නවාද?

ආහාර පාලනය

ජාපනයේ එරට වයස් ගත පිරිස් සහභාගී කර ගනිමින් සිදු කරන ලද පර්යෙෂණයකින් තහවුරු දෙයක් නම් එම පිරිස තමන් ආහාර ගන්නා විට තමන්ගේ අහාර අවශ්‍යතාවයෙන් 80% පමණ සම්පුර්ණ වන විට අහාර ගැනීම නවතා දමන බවයි.තමන් ගේ උදරය පිරෙන තුරු ඔවුන් අහාර නොගනී,එමගින් තමන් ගේ ආයූ කාලය වැඩි කරගත හැකි බව එම සමීක්ෂණයෙන් පෙන්වා දී තිබෙනවා.

life-over-eating

ලිංගික සංසරණය

සතියකට දෙවරක් හෝ තුන්වරක් ලිංගික සංසරණයේ දීම තුලින් තමන්ගේ ශරීරය තුල ඇති අනවශ්‍ය කැලරි දහනය සදහා උපකාරි වේ.එමෙන්ම මෙසේ නිතර නිතර ලිංගික සංසර්ගයේ යෙදීමෙන් රුධිර පීඩනය පාලනය,සුව නින්දක් අත්කර ගැනීමට හැකිවීම,ශාරීරික ප්‍රතිශක්තිකරණය වැඩිවීම වැනි වාසිදායක තත්වයන් ද උද්ගත වේ.

life-active-sex

රුපවාහිනි නැරබීම

2010 වර්ෂයේ දී සිදු කරන ලද සමීක්ෂණයකින් තහවුරු වුයේ දිනකට පැය 4 හෝ ඊට වැඩි කාලයක් රුපවාහිනි නරබන පිරිසෙන් වැඩි කොටසක් ඉතා ඉක්මනින් ජිවිතයෙන් සමුගන්නා ය බවයි.විශාල ලෙස මෙවැනි පිරිස් මිය යන්නේ හෘද රෝග වැළදීමෙන් බව ද සනාථ කරගෙන තිබේ.මෙවැනි අයගේ ආයු අපේක්ෂාව මේ හේතුවෙන් 11% පමණ පහල ගොස් ඇති බව සොයාගෙන තිබෙනවා.

life-tv-off

අධික හිරු එළියෙන් ආරක්ෂා වීම.

අධික හිරු එළියෙන් ආරක්ෂා විම මගින් සමේ ඇතිවන ආසාධන තත්වයන් හා සමේ ඇතිවන පිළිකාකාරකයන් වලක්වා ගැනීමට හැක.එමෙන්ම ඔබේ තරුණ පෙනුමද මෙයින් ආරක්ෂා කරගත හැක.සියුමැලි සමක් ද හිමි කරගත හැකිවේ.

life-sun-hat

අනොන්‍ය සම්බන්ධතා

වර්තමාන සමාජය තුල නොපවතින තවත් එක අංග ලක්ෂණයක් වන්නේ අනොන්‍ය සම්බන්ධතාවයන් වියකි යාමයි,යහළුවන්,ධරුවන් ,සැමියා,බිරිද ,අසල්වැසිය,ඥාතින් ,වැනි පිරිස් සමග අනොන්‍ය සම්බන්ධතා ,සහයෝහිතාවයන් නොපැවැත්වීම ද හෘද රෝග වැනි තත්වයන්ට මුහුණ පාන බව සමීක්ෂණ මගින් සොයාගෙන ඇත.මෙයද ජිවිතයේ ආයු කාලය අවම කිරීමට හේතු වේ.

life-friends

මෙවැනි දේ මගින් ඔබගේ ජිවිතයට අවධානය නොගෙන මෙවැනි සුළු දේ සිදුකිරීමෙන් තමන් ගේ ජීවිතය සුව දායක ලෙස ගත කල හැකි බව ඔබට පෙන්වා දීමය අපගේ මේ උත්සාහය.

මෙවැනි ලිපි මගින් අප හා එකතු වන්න අපේ මුහුණු පොතේ පිටුවට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.
නැවත මෙවැනි ලිපියකින් හමු වෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here