දෑවැද්දට හිලව් වෙන්න සැමියා බිරිඳට කරපු අපරාදය!

0
71

Rita Sarkar සහ Biswajit Sarkar විවාහ වී වසර 8ක් පමණ වෙනවා. ගතවූ එම කාලය පුරාවට ඇය ගෙවුයේ අපායකට සමාන ජීවිතයක්. මොකද සෑම දිනකම ඇය ස්වාමියාගේ හින්සයට ලක්වුනා. නමුත් ඔහු තමන්ට මෙවැනි අපරාදයක් සිදුකරාවී කියා නම් ඇය කවදාවත් සිතුවේ නැහැ.

බිරිඳට දෑවැද්දක් ලබාදෙන බව පවසා තිබුනත්, මේවනතුරු එය නොලැබුණු නිසා ඔහු දැඩි කෝපයකින් පසුවුණා. එම කරුණ පාදක කරගෙන ඔහු ඇයට පහරදුන් සහ බැනවැදුණු අවස්තාවන් එමටයි. දෑවැද්දට හිලව් වෙන්න ඔහු සිදුකල දෙය ඇසුවොත් ඔබ මහත් කම්පනයට පත්වේවි.

ඔහු බිරිඳගේ වකුගඩුව හොරෙන් විකිණීමට කටයුතු කරා. දකුණු වකුගඩුව නැතිබව ඇය දැනගත්තේ මාස 3ක් පමණ ගියපසුවයි.

එම අවාසනාවන්ත සිදුවීම සිදුවුණු හැටි විස්තර කරමින් ඇය පවසා සිටියේ මෙහෙමයි.

(දවසක් මට උදාර වේදනාවක් ඇතිවුනා. ඊට ප්‍රතිකාර ලබාගැනීමට බව පවසමින් ඔහු මාව කොල්කටා වල පිහිටි සාත්තු නිවාසයක් වෙත රැගෙන ගියා. එහිදී මට දැනගන්නට ලැබුනා මගේ උණ්ඩුකපුච්චයේ ඇතිව තිබෙන ප්‍රතිප්‍රදාහ තත්වයක් නිසා එය ඉවත්කිරීමට සිදුව තිබෙන බව.)

නමුත් සාර්ථකව සිදුකරනු ලැබූ සැත්කමෙන් පසුව ඇයට මහත්වූ වේදනාවක් සහ යම් අමුත්තක් දැනුනු බව ඇය පවසා සිටිනවා. සැත්කම පිළිබඳව කිසිවෙකුටත් නොපවසන ලෙස සැමියා විසින් ඇයට තරවටු කර තිබුනා.

නිවසට පැමිණි පසුව ඇතිවුණු දරුණු වේදනාවක් ඇතිවුණු නිසා, තමන් වහාම රෝහලක් වෙත රැගෙන යන ලෙස ඇය සැමියාට පවසා සිටියත්, ඔහු එය ගණනකට ගෙන තිබුනේ නැහැ.

ටික කලක් ගිය පසුව වේදනාව තුරන්ව ගොස් ඇය නැවත යතා තත්වයට පත්වුනා. නමුත් මාස තුනක් පමණ ගතවූ පසුව ඇතිවුණු සැකය නිසා ඇය Ultra Sound පරීක්ෂාවක් සිදුකිරීමට තීරණය කරා. අයගේ සිරුරේ දකුණු වකුගඩුව අතුරුදහන්ව ඇති බව එහිදී හෙළිවුණා.

එම සිදුවීම පිළිබඳව වහාම පොලීසියට දැන්වූ පසුව අයගේ සැමියා සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබුනා.

මුලාශ්‍රය – hindustantimes.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here