මහමගින් එක්වරම මතුවී හිටිගමන් අතුරුදන් වුණු අද්භූත වාහන රැසක් පිලිබඳ ඇග කිලිපොලායන කතාවක් මෙන්න

0
65

මාර්ග තදබදයට ඔබ කොතෙකුත් මුහුණ දී ඇතුවාට සැක නැත. බොහෝ වේලාවලදී මාර්ග අතුරු සිදුරු නැතිව වාහනවලින් පිරී පවතී. මෙවැනි අවස්ථාවක එකවරම මතු වී නොපෙනී යන වාහනයක් දුටුවහොත් නිසැකවම ඔබ භීතියට පත් වනු නොඅනුමානය. එසේම එය කිසිවිටෙක සිදුවිය නොහැක්කක් බවට ඔබට හැඟී යනු ඇත. නමුත් මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් පිරිස් සිටින බව ඔබ දන්නවාද

බොහෝ විට ජනාකීර්ණ මංමාවත්වලදී නොව පාළු ප්‍රදේශවලදී මෙසේ එකවර පෙනී නොපෙනී යන රථවාහන ඇසින් දුටු අය ද අප අතර වෙති. මෙවැනි එකවර පෙනී නොපෙනී යන අද්භූත රථ වාහන හේතුවෙන් රිය අනතුරුද බහුලව සිදුවී තිබේ. මෙම අද්භූත රථවාහන ගැන පැහැදිලි අදහසක් මේ දක්වා ඉදිරිපත් වී නැත. කෙසේ නමුත් බොහෝ දෙනා මේ රථ හඳුන්වන්නේ “හොල්මන් වාහන” ලෙසය. ලොව නන්දෙසින් මෙවැනි වාහන දර්ශනය වීම් කොතෙකුත් වාර්තා වී ඇත.

වර්ෂ 1982දී හවායිහි ලනිකායි ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට අද්භූත කළු පැහැ කාර් රථයක් දැක ගැනීමට හැකි වී ඇත. ඔවුන් විසින් කාර් රථය දුටු වහාම එය අතුරුදන් වී ඇත. ඉන්පසු නැවතත් විනාඩි ගණනකදී පෙනී නොපෙනී ගොස් ඇත. වර්ෂ 1960දී එක්තරා පුද්ගලයකුට වෙළෙඳ දැන්වීමක් ඇලවූ කාර් රථයක් දක්නට ලැබී ඇත. ඔහු එම රථය පසුකොට ගොස් තිබේ. නමුත් පුදුමයට මෙන් ඊළඟ ආලෝක සංඥා පුවරු අසලදී ඔහු දැක ඇත්තේ එම රථය තමාට ඉදිරියෙන් තිබෙන බවයි. මෙය කිහිපවරක්ම සිදුව තිබේ. මේ අද්භූත රථය පසුකරන සෑම වාරයක් පාසාම ඊළඟ ආලෝක සංඥා පුවරු අසලදී එය ඉදිරියෙන් දර්ශනය වී ඇත. එම අද්භූත වාහනය පදවා ඇත්තේ ගැටවර වයසේ කෙනකු වන අතර ඔහු කිසිම විටෙක සිය හිස හරවා නැත. එසේම ඔහු සුක්කානම කරකවනු මේ දෙස බලා සිටි පුද්ගලයා දැක නැත. ඔහු සුක්කානම මත දෑත් තබා සිටියා පමණි. නමුත් රථය ඉදිරියට ධාවනය වී ඇත.

වර්ෂ 2004දී දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හිදී තිරිංග ඇද එන්ජිම නවතා තැබූ රථයක් එකවරම ක්‍රියාත්මක වී ධාවනය වී අසල තිබූ වැටක්ද කඩාගෙන ගොස්ති බේ. පුද්ගලයකු නොමැතිව ඉබේම ධාවනය වූ මෙම රථය භූත බලපෑමක් මත ක්‍රියාත්මක වූ බව ප්‍රදේශය පුරා ප්‍රචාරය විය.

1980 මැද භාගයේ සෙඩාන් ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනකුට දක්නට හැකි වී ඇත්තේ අළු පැහැ වෑන් රථයක් ඔවුන් ඉදිරියට පැමිණෙන බවයි. නමුත් සුළු මොහොතකින් එය අතුරුදන් වී ඇත. ඕස්ට්‍රේලියාවෙන්ද මෙවැනි අද්භූත රථයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. 1940 තරම් අෑත කාලයට අයත් මොඩලයක කොළ පැහැති ට්‍රක් රථයක් හිටි ගමන් මතු වී නොපෙනී ගිය බව වාර්තා වේ. මෙම ට්‍රක් රථය වර්තමාන කාලයට නොගැළපෙන පැරණි රථයක් බැවින් බොහෝ දෙනාගේ අවධානය ඒ වෙතට යොමු වී ඇත. කෙසේ නමුත් රථය හිටි ගමන් අතුරුදන් වූ බව ඇසින් දුටු අය පවසති.

වර්ෂ 2000දී එක්තරා පුද්ගලයෙක් පරණ ගෙයක් අසලින් ගමන් කර ඇත. මේ ගෙදර භූතයන් අරක්ගෙන ඇතැයි ගම පුරා විශ්වාසයක් ද තිබිණි. එම ගෙදර කිසිවෙක් නොසිටි අතර පරණ රථයක් විය. මේ පුද්ගලයා ගෙය අසලින් යද්දී එකවරම ක්‍රියාත්මක වූ රථය ඔහු අනතුරට පත්කර ඇත. වාසනාවකට ඔහුට තුවාල සිදු නොවූ නමුත් රියැදුරකු නොමැතිව එසේ වාහනය ක්‍රියාත්මක වූයේ කෙසේද යන්න අදටද අබිරහසකි. මේ ආකාරයටම ජර්මනියෙන් ද රියැදුරකු නැතිව ක්‍රියාත්මක වූ රථයක් තාප්පයක ගැටුණු පුවතක් ද අසන්නට ලැබේ.

1980 බි්‍රතාන්‍ය මෝටර් රථ ධාවකයකු සිය මෝටර් රථය අනතුරට ලක් කරගෙන ඇත්තේ වෙනත් පසෙකින් ආ ට්‍රක් රථයකට ඉඩ දීමට යෑමෙනි. නමුත් පුදුමය නම් එම ට්‍රක් රථය සැණෙකින් අතුරුදන්ව තිබීමය. කේම්බි්‍රජ් හි ශාන්ත මාක්ස් මාර්ගයේ ධාවනය වන අබිරහස් බස් රථයක් ගැන ද වාර්තා වේ. රියැදුරකු නොමැතිව ධාවනය වූ මේ බස් රථය හේතුවෙන් බොහෝ අනතුරු සිදුවී ඇති අතර සමහර අවස්ථාවලදී පුද්ගල මරණ පවා සිදුවී ඇත. මෙම බස් රථයද එකවර පෙනී නොපෙනී යන්නක් බව පැවැසේ. මලයාසියාවේ ක්වාලාලාම්පූර්හි අධිවේගී මාර්ගයකද මෙසේ අබිරහස් රථවාහන දර්ශනය වන බව ප්‍රකට කරුණකි. ඒ අතර කුඩා කහ පැහැති වොක්ස් වැගන් රථයක් ප්‍රධාන වේ. මෙම රථය මාර්ගය පුරාම ගමන් කරමින් පෙනී නොපෙනී යමින් නැවත පෙනෙමින් ධාවනය වන බවද මේ නිසා බොහෝ මාර්ග අනතුරු ද සිදුවූ බවට වාර්තා පළවේ.

නවීන විද්‍යාව මෙතරම් දියුණු යුගයක මේ අන්දමින් එකවර මතු වී නොපෙනී යන අබිරහස් රථ වාහන පිළිබඳව නිවැරදි අර්ථකථනයක් දීමට තවමත්කිසිවකුත් සමත් වී නොමැත. කෙසේ නමුත් අනාගතයේදීද මෙවැනි අබිරහස් රථ වාහන මිනිස් ඇසට පෙනී නොපෙනී යන බව නම් විශ්වාසය.

එල්. ජයසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here