වැඩිම පිළිකා කාරක තියෙන කෑම 10 මෙන්න

0
38

අපි අද වෙනකොට කන බොන දේ වස විස වෙන තරමටම අද වෙනකොට ආහාර පත් වී අවසන්.අතීතයේ තිබූ පෝෂ්‍යදායී , ගුණදායී ආහාර රටාව වෙනුවටඅද දැකගන්න පුළුවන් වන්නේ  රසකාරක , කල් ඉකුත් වීමේ ද්‍රව්‍යය යෙදූ ආහාර පානයි.අද වන විට පිළිකා රෝගීන් දිනෙන් දින වැඩි වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබනවා.ඊට හේතුව පිළිකා කාරක බහුල ආහාර අද වන විට අපි අනුභව කිරීමයි.
අද පි ඔයාට කියන්න යන්නෙ පිළිකා කාරක බහුල කෑම වර්ග 10 ක් පිළිබඳව.වඩාත් විමසිල්ලෙන් මෙම ලිපිය කියවන ලෙස අප ඔබට ආරාධනා කරනවා.හේතුව ඔබ දැනටමත් ඔබේ දරුවන් සමග ආහාරයට ගනු ලබන්නේ මෙම ආහාරයි.

01.සකසන ලද මස් ආහාර

Image result for Processed meat

අද වන විට වැඩියෙන්ම ආහාරයට ගනු ලබන්නේ සකසන ලද මස් ආහාර.සකස් කරපු මස් ආහාර, විශේෂයෙන් හැම්, බේකන්, සොසේජස්, මීට් බෝල්ස් වගේ දේවල් කල් තියා ගන්නත්, ලස්සනට පෙනෙන්නත් එකතු කරන දේවල් නිසා පිළිකා ඇති වීමේ ලොකු අවදානමක් තියෙනවා. මේවාට යොදන ප‍්‍රධානතම ද‍්‍රව්‍ය තමයි සෝඩියම් නයිට‍්‍රයිට් හා සෝඩියම් නයිටේ‍්‍රට්. ප‍්‍රධාන වශයෙන්ම පුරස්ථි ග‍්‍රන්ථි ආශ‍්‍රිත පිළිකා වර්ධනයට මේ සංයෝග බලපානවා. මේ නිසා මස් වර්ග තෝරා ගන්නවා නම් හැම වෙලාවකම අලූත් මස් වර්ග තෝරා ගන්න, මේ වගේ සකසලා පැකට් කරපුවා වෙනුවට. මාළු කන එකත් ඒ තරම් ප‍්‍රශ්නයක් නෑ.

02.මයික්‍රෝවේව් කරපු ආහාර 

Image result for Microwave foods

ආහාර මයික්‍රෝවේව් කරන එක හරිම පහසු දෙයක් කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ. ඒත් මයික්‍රෝවේව් කරපු කිසිම දෙයක සාමාන්‍ය විදියට උයපු හරි හදපු හරි දෙකේ තියෙන රසය නෑ කියලා දැනිලා ඇති නේද? මයික්‍රෝවේව් උදුනකින් කරන්නේ ආහාරය තුල තියෙන ජල අංශු (සහ මේද අංශු වල ඇති අණුක ජලය) වේගයෙන් කම්පනය කරවන එකයි. මෙහෙම කිරීමෙන් ජලය අණුක තත්වයෙන් තියෙන මේදය, ප්‍රෝටීන් වගේ ආහාර සංඝටක වල විශාල වෙනස් කම් සිදු වෙන බව හොයා ගෙන තියෙනවා. මේ වගේ වෙනස් කම් වලින් පිළිකා කාරක ෙසෙල ඇති වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේ නිසා ලේසියි පහසුයි කියලා බලන්නෙ නැතිව මයික්‍රෝවේව් කරපු කෑම ගන්න එක අදම නවත්වන්න පුළුවන් නම් ඉතාම හොඳයි.

03.ජාන වෙනස් කළ ආහාර (GMO)

Image result for GMO

GMO-Food1මේවා බහුලව හඳුන්වන්නේ GMO කියලයි, එහෙමත් නැතිනම් Genetically Modified Organisms හෙවත් ජාන වෙනස් කල දේවල් කියලයි. ස්වභාවිකව හැදෙන ගස් හා සතුන්ගේ විවිධ ලක්ෂණ වෙනස් කරලා වේගයෙන් හැදෙන, ඉතා විශාල වෙන විදිහට නිර්මාණය කරන එකයි මේකෙදි වෙන්නේ. හැබැයි මෙහෙම කරද්දී අනවශ්‍ය ජාන පවා මාරු වෙන නිසා පිළිකා ඇති වීම වැඩි බව තහවුරු වෙලා තියෙනවා. සියලූම පිළිකා රෝගීන්ගෙන් වැඩි පිරිසක් GMO ආහාර අනුභව කල අය බව පෙනී ගොස් තියෙනවා. මේ අතරට තිරිඟු පිටි වෙනස් කර හදන ආහාර, සෝයා හා කැනෝලා වගේ සුලබ දේවල් අයත්.

ඒත් මේවා පාවිච්චි කරලා විශාල ලාභ උපයන අයගේ බලපෑම නිසා මේ තොරතුරු වසන් වෙනවා. ඒත් අපිට පුළුවන් පරිස්සම් වෙන්න. කාබනික බවට තහවුරු කරපු ආහාර, ඨඵධ නොවන බවට තහවුරු කරපු ආහාර හෝ තමන්ව වවා ගත් දේවල් පාවිච්චි කරලා අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි දෙනෙක් එහෙම කරාම මේ ලොකු කොම්පැනි වලට පාඩු සිද්ධ වෙන නිසා ඨඵධ හදන එක අධෛර්යමත් කරන්නත් අපිට වක‍්‍රාකාරයෙන් පුළුවන්.

04.ඩයට්’ බීම වර්ග

Image result for diet drink

බොහොම සෞඛ්‍යාරක්ෂිත ආහාර තියෙන ලංකාව වගේ රටවල් වල පවා ක්ෂණික ආහාර වැඩිපුර කන්න ගිහින් මහත් වෙන අය එන්න එන්නම වැඩියි. මෙයාලා අතර ජනප‍්‍රිය බීමක් තමයි ඩයට් බීම කියලා කියන්නෙ. මේවායේ කැලරි අඩු සහ රසය එකම නිසා තමයි මෙයාලා මේවා බොන්න පෙළඹෙන්නේ, ඒ වෙනුවට සෞඛ්‍යාරක්ෂිත පානයක් බොනවා නෙවෙයි. ඒත් එහෙම වෙන්න හේතුව සාමාන්‍ය සෝඩා බීම වලට දාන සීනි වෙනුවට මේවාට දාන කෘත‍්‍රිම පැණි රස කාරක නිසයි. මේ සඳහා පාවිච්චි වෙන ඇස්පාටමේ , සුක්‍රෝස් හා සැකරින් කියන ප‍්‍රධාන ද‍්‍රව්‍ය තුනම පිළිකා කාරක බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා.

05.සෝඩා වර්ග

Image result for soda

කොකා කෝලා වලට බනින එක දැන් බොහොම ජනප‍්‍රිය වුනත් ඇත්තම කාරණය ඒකෙ තියන නරක සංයෝග 90%ම අනිත් සෝඩා පානයන්ගේත් තියනවා කියන එක . මේවායේ තියන අධික සීනි, ආම්ලික බව, ආහාර රසායනික හා වර්ණක නිසා අඩපණව තියෙන පිළිකා සෛල පවා අලූතෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. විද්‍යාත්මකව පිළිකා කාරක කියලා නම් කරපු දේවල් ගොඩක් පාවිච්චි කරලා තමයි මේවාට යොදන රස කාරක, වර්ණක වගේම කල් තියා ගන්න ද‍්‍රව්‍ය වුනත් හදන්නේ. පිළිකා වගේම මේ අනවශ්‍ය සංයෝග නිසා වෙනත් ලෙඩ රෝග පවා වැළඳෙන්න ලොකු ඉඩක් තියනවා. මේ නිසා සෝඩා බීම වර්ග නම් නොබී ඉන්න තරමට හොඳයි.

6. පිරිසිදු කරපු තිරිඟු පිටි

Related image

මේක වක‍්‍රව පිළිකා වලට දායක වෙන ප‍්‍රධානතම දේවල් වලින් එකක්. තිරිඟු පිටි කියන්නේ පාන්, බිස්කට් හා බේකරි නිෂ්පාදන වලටත්, කොත්තු වගේ දේවල් වලටත් පාවිච්චි කරන ප‍්‍රධානම අමුද‍්‍රව්‍ය නිසා ලොකු බලපෑමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. පිළිකා හඳුනා ගැනීම, ලක්ෂණ හා වළක්වා ගැනීම පිළිබඳ ජර්නල් එකේ දක්වලා තියෙන විදිහට අධික ලෙස තිරිඟු පිටි ආහාර ගැනීම හා ගැහැණු අයගේ පියයුරු පිළිකා ඇති වීම අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා.මොන තරම්ද කියනවා නම් තිරිඟු පිටි අධික ආහාර ගන්න අයගේ පිළිකා වැළඳීමට ඇති හැකියාව 220%කින් වැඩියි. මෙහිදී මතක තියා ගන්න අවශ්‍යයි ඉඳ හිට කන එකෙන් නෙවෙයි ගැටලූව ඇති වෙන්නේ, නිතරම අධිකව තිරිඟු පිටි ආහාර ගන්න එක තමයි නරක කියන දේ.

07.ඇපල්, දොඩම්, මිදි

Image result for apple , orange , grapes

අද හැම තැනම සීයට හතරයි පහයි කියලා විකුණන ගොඩක් පලතුරු එන්නේ චීනයෙන්. මේවා බොහෝ විට හදන්නේ විවිධ උත්තේජක බොහොමයක් දාලා , මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු පැති වල තියෙන ගොවිපළවල් වලින්. මේ නිසා මේ දේවල් නිතර කන එක ඒ තරම් නුවණට හුරු වැඩක් නෙවෙයි. කාබනික බවට තහවුරු කරපු තැනකින් මිසක් මේවා ගන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි. මේවාට යොදන උත්තේජක සහ කෘමි නාශක වලිනුත්, ඒ ගස් උරා ගන්න වාතයේ තියෙන විෂ වර්ග නිසාත් පිළිකා කාරක අවදානම ඉහල යනවා.

08.සුදු සීනි

Image result for suger

සීනි සුදු කරන්නේ කොහොමද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් කියන්නේ දෙවරක් පිරිසිදු කරලා කියලයි. ඒත් කොහොමද ඒක කරන්නේ? සීනි වල හලලා / පෙරලා පිරිසිදු කරන්න පුළුවන් කුණු දුවිලි අඩංගු නිසා නෙවෙයි ස්වභාවික සීනි දුඹුරු පාට වෙන්නේ. ඒ තමයි සීනි වල පාට. ඒ නිසා සුදු සීනි හදන්න රසායනික විපර්යාසයක් කරන්න අවශ්‍යයි. මේක කිසිසේත්ම පිරිසිදු කිරීමක් නෙවෙයි. දුඹුරු පාට ඇති කරන පෝෂක ටික සීනි වලින් ඉවත් කිරීමක්. මෙතන ලොකුම ප‍්‍රශ්නය ඇති වෙන්නේ ඒකෙන් නම් නෙවෙයි.

මේ විදිහට දුඹුරු පාට ඉවත් කරපු සීනි පිළිකා සෛල වලින් උරා ගන්න ඉඩ හොඳටම වැඩි වෙනවා. අපි කාගේත් ඇෙඟ් පිළිකා සෛල තියෙනවා, නමුත් ඒවා වර්ධනය වෙන්නේ නැති නිසයි පිළිකා වැළඳෙන්නේ නැත්තේ. සුදු සීනි නිතර කෑවම මේවාට වර්ධනය වෙන්න වැඩි ඉඩක් ලැබෙනවා. නැති ලෙඩ හදා ගන්නවා කියන්නේ ඒකටයි. අදම ඒ නිසා දුඹුරු සීනි වලට අදම මාරු වෙන්න.

09.හයිඩ‍්‍රජනීකෘත තෙල් වර්ග

Image result for Hydrogenated oils foods

සැකසූ ආහාර, අල පෙති වගේ දේවල් මුඩු රහක් එන්නේ නැතිව කල් තියා ගන්න පාවිච්චි කරන්නේ හයිඩ‍්‍රජනීකෘත තෙල් වර්ග. මේවා සාමාන්‍ය තෙල් වලට හයිඩ‍්‍රජන් යවලා තමයි හදන්නේ. මේ ආහාර වැඩිපුර ගත්තම අපේ ඇෙඟ් තියෙන සෛල වල සෛල පටලයේ විවිධ වෙනස් කම් ඇති වෙලා පිළිකා ෙසෙල ඇති වෙන්න තියන අවදානම ඉහළ යනවා. මීට අමතරව මේවායේ ට‍්‍රාන්ස් මේදය බහුලව අඩංගු වෙන එකත් පිළිකා අවදානම වැඩි වෙන්න හේතු වෙන බව තහවුරු වෙලා තියෙනවා.

10.සැමන්

Related image

ටින් කරපු මාළු සඳහා වැඩිපුර පාවිච්චි කරන්නේ මුහුදෙන් අල්ලා ගන්න මාළු නෙවෙයි. කෘත‍්‍රිමව හදපු පොකුණු කර දිය විදිහට සකස් කරලා කුකුල් කොටු වගේ මාළුවන් පුරවලා තමයි හදන්නේ. මොකද එතකොට ලාභය වැඩි කර ගන්න පුළුවන්. අනික මේ මාළු ඉක්මනින් වැඩෙන්න විවිධ රසායනික හා ආහාර අතිරේක යොදනවා. මෙච්චර ගානක් එක තැන ඉන්න කොට රෝග බෝ වෙන එක නවත්තන්න වතුරටමයි බෙහෙත් දාන්නෙත්, ඉතින් හොඳට ඉන්න මාළුවන් පවා ඒ දේවල් උරා ගන්නවා. එම නිසා සැමන් වර්ග කෑවාට මාළුවන්ගේ ගුණය ලැබෙන්නේ නම් නෑ. මේ නිසා ඔබට කන්න ඕනේ නම් මුහුදු මාළු හෝ වැව් මාළු කෑමට ගන්න. එය ඔබේ ඇඟට ඉතා ගුණදායකයි.

ඉතින් පේනවා නේද මෙච්චරකල් අපි කෑමට අරගෙන තියෙන්නෙ මොනවද කියලා.නීරෝගීව ඉන්න , ලෙඩ දුක් හැදෙන්නෙ නැතුව ඉන්න නම් කෑමෙන් බීමෙන් ප්‍රවේශම් විය යුතුමයි.ඉතින් ඔයාලා මේ දේවල් ගැන දැනුවත් වෙනවා වගේම ඔයාලගෙ යාලුවන් හිත මිතුරන් දැනුවත් කරන්න අනිවාර්යෙන්ම මේ පෝස්ට් එක ශෙයා කරන්න අමතක කරන්න එපා…!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here