හැටන් නගරයේ මූල්‍යායතන සේවිකාවක් බුදු සිරස සහිත සාරියක් ඇඳ වැඩට ඇවිත්

0
17

හැටන් නගරයේ රාජ්‍ය මූල්‍ය ආයතනයක තාවකාලිකව සේවය කරන තරුණියක් බුදුරුව සහිත සාරියක් හැඳ සිටීම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ඊයේ (08දා) ලද තොරතුරක් මත එම සාරිය පොලිස් භාරයට ගෙන ඇත.

කොළ පාට සාරියේ බෝඩරය වටා බුදු සිරස මුද්‍රණය කර තිබූ අතර, එම සාරියෙන් කපාගත් කොටසකින් එම තරුණිය හැට්ටයක්ද මසා පැලඳ සිටි බව හැටන් පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා සිටින එම තරුණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන තෙක් තාවකාලිකව එම රාජ්‍ය මූල්‍ය ආයතනයේ සේවය කරන අතර, ඇය විසින් හැටන් නගරයේ රෙදි පිළි අලෙවි කරන වෙලෙඳසලකින් 07 වැනිදා පස්වරුවේ මෙම සාරිය රුපියල් 1500කට මිලදී ගෙන ඇති බව පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම තරුණියගෙන්ද, වෙළෙඳසල් හිමියාගෙන්ද පොලිසිය විසින් ප්‍රකාශ ලබාගෙන බුදුරුවට සමාන මුද්‍රණය කර තිබූ සාරිය පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව හැටන් පොලිසියේ උසස් නිලධාරියකු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here