ෆේස්බුක් වලට ඉදිරියේදී වෙන්න යන දේ අගමැති රනිල් කියයි !

0
92

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි. රටෙහි ඇතිවූ අර්බුධකාරී තත්වය මෙම රැස්වීමේදී විශේෂ මාතෘකාවක් විය.
මෙහිදි අමාත්‍ය පී. හැරිසන් කීවේ “නුවරට බස්‌වලින් සෙනඟ ඇදලා කලබල කරවලා තියෙන්නේ සිවුරු ඇඳ ගත්ත අය කියලයි කියන්නේ… ඒත් සිවුරු දාගෙන ඉන්න හැමෝම හාමුදුරුවරු ද කියලා පොලීසියයි ජනතාවයි දෙගොල්ලම විමසිලිවත් වෙලා බලන්න ඕන…”ලෙසය.

“සමාජ වෙබ් අඩවි නවත්තපු එක ගැන අපි ටිකක්‌ කල්පනා කරන්න ඕන. මේවයින් හුඟක්‌ දෙනෙක්‌ වැඩ ගන්නවා. සීමිත පිරිසක්‌ තමයි මේවා නරක දේවල් වලට යොදා ගන්නේ. ඉතින් මේ සීමිත දෙනාගේ වැඩ නිසා මුළු රටකම ඉන්න ජනතාවට තමන්ගේ අයිතියක්‌ අහිමි වුණා.”නවීන් දිසානායක පුළුල් විග්‍රහයක්‌ කරන්ට පටන් ගත්තේ ය.

“ඒවාට දින කීපයක තහනමක්‌ දැම්මේ. ඒ වෙලාවෙ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස්‌බුක්‌ නිසා සිදුවන හානිය තහනම හරහා වලකාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක්‌ දී තිබෙනවා” යෑයි අගමැති කීය.

“ජර්මනිය පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කරල ලැබූ වාසිවලට නිදසුන්. චීනයේ ෆේස්බුක් වට්‌ස්‌ඇප් අරව මේවා මොකුත් නෑ. චීනය අපට දැන් තාක්‌ෂණික හා නීතිමය උපදේශන ලබාදීමටත් සූදානම් බවට පණිවිඩ ලැබෙමින් තිබෙනවා” අගමැතිවරයා ප්‍රකාශ කළේය.

“මේ ගිනි නිසා අගමැති හා ආණ්‌ඩු මාරුවයි විශ්වාසභංගයයි ගැන දැන් ආරංචියකුත් නෑ. ඒකාබද්දෙ කණ්‌ඩායම් රැස්‌වීමකදී වීරවංශ විශ්වාසභංගය ගැන කතා කළාම රැවුල ගිනි ගත්ත වෙලාවෙ සුරුට්‌ටු පත්තු කරල ලැඡ්ජ වෙන්න එපා කියල මහින්ද කෑගහල කියලත් ආරංචියි. පී. හැරිසන් කීවේ එවැන්නකි”

“නුවර ප්‍රශ්නය නිසා ජනාධිපති හා අගමැති අතර තිබුණු සීතල අරගලයත් කියලයි දැන් ජනතාව කියන්නෙ” දයා ගමගේ කී විට අගමැතිවරයා සිනාසී ඉවත බලාගත්තා මිසක කිසිවක්‌ කීවේ නැත.

තවද,  ජාතිවාදී ස්වරූපයෙන් ඇතිවන කෝලාහලවලදී සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීම සඳහා ජර්මනිය, පිලිපීනය අනුගමනය කරන තාක්ෂණ උපක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්හට පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර ඇත.ඊට අමතරව චීනය විසින් සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීමට ගන්නා ලද සැලසුම් පිළිබඳව රජය එරටින් උපදෙස් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට චීන රජය එකඟතාවය පළකර තිබේ. ඒ අනුව දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක් ලෙස චීනය විසින් සමාජ ජාල පාලනය සඳහා ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමටද රජය සැලසුම් කර ඇත.

මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක හටගත් කලබලකාරී තත්ත්වයන් සමනය වූ විගස ෆේස් බුක්, වට්ස්ඇප් සහ වයිබර් යන සමාජ මාධ්‍ය ජාලවලට පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන අතර ඉන්පසු ෆේස්බුක් ඇතුලු සමාජජාලා නියාමනයක් සිදු කිරීමටද සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here