එතෙර රූමතියන් අබිසරුලියන් කළ ජාවාරමා දැලේ

එතෙර රූමතියන් අබිසරුලියන් කළ ජාවාරමා දැලේ

රැකියා ලබාදෙන බව කියමින් සුරූපී විදෙස් තරුණියන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ඔවුන් බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකා සේවයේ යෙදවීමේ සංවිධානාත්මක කණ්ඩායමක ප‍්‍රධානියා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (19 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත.

රැුකියා ලබාදෙන බව පවසා මේ ආකාරයට ශ‍්‍රී ලංකාවට රැුගෙන ආ උස්බෙකිස්ථානු ජාතික සුරූපී තරුණියක් බලහත්කාරයෙන් රඳවාගෙන ඇය ගණිකා සේවයේ යොදවමින් සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබිණි.

එම කාන්තාවගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ජාවාරමේ ප‍්‍රධානියා බව කියන 31 හැවිරිදි තරුණයා වැල්ලවත්ත ප‍්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම තරුණයාගේ බිරිඳ ද උස්බෙකිස්ථානු ජාතික කාන්තාවක වන අතර විදේශ කාන්තාවන් මෙරටට ගෙන්වා ඔවුන් බලහත්කාරයෙන් ගණිකා සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ඇයද මීට ඉහතදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටියි.

මෙම සංවිධානාත්මක කල්ලිය දීර්ඝ කාලයක සිට මේ ආකාරයට විවිධ රටවල සුරූපී කාන්තාවන්ට රැුකියා ලබාදෙන බව පවසා ශ‍්‍රී ලංකාවට ගෙන්වා ඔවුන් බලහත්කාරයෙන්

ගණිකා සේවයේ යොදවා ලක්‍ෂ ගණනින් මුදල් උපයා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

සංක‍්‍රමිණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම ජාවාරම පිළිබඳ සියලූ තොරතුරු අනාවරණය වී තිබේ.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු -Diwaina

Uncategorized