Baaghi – 2 හින්දි ෆිල්ම් එක දැන්ම බාගන්න.

0
38

Baaghi කියන්නේ ඉන්දියානු සිනමාවේ එන ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් (Baaghi (1990), Baaghi (2000) චිත්‍රපට දෙක සහ මේ කියන චිත්‍රපට මාලාව අතර සම්බන්ධයක් නැති බව කරුණාවෙන් සලකන්න.. සහ ඒ චිත්‍රපට දෙක සහ මේ චිත්‍රපට මාලාව පටලවා ගන්න එපා කියලත් සඳහන් කරන්න කැමතියි). හරි… ඉතින් මම අර කලින් සඳහන කරපු Baaghi ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ පලවෙනි සිනමාපටය සබීර් කාන්ගේ අධ්‍යක්ෂණයෙන් 2016 වසරේ අප්‍රේල් 29 වන දින Baaghi: A Rebel for Love (2016) නමින්. ඉන්දීය රුපියල් කෝටි 37ක් වැය කරමින් නිපදවූ එම චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 127ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙනවා. මාෂල් ආර්ට්ස් කලාවද ඇතුලත් වූ කතා වස්තුවකින් යුතු එම සිනමාපටය සඳහා ටයිගර් ෂෙරොෆ් සමගින් සුරූපීශ්‍රද්ධා කපූර් තම අපූර්ව රංගන දායකත්වය සපයනු ලබූවා. ඉතින් ප්‍රේක්ෂක ආදරය හා විචාරකයින්ගේ ධනාත්මක විවරණය හිමිකරගත් Baaghi චිත්‍රපටය 2016 වසරේදී උපසිරැසි සමගින් ඔයාලා හමුවට රැගෙන ඒමට ලැබීම ගැන මා හටද ඇත්තේ අහිංසක සතුටක්. මන්දයත් එය මගේ උපසිරැසි දිවියේ අමතක නොවන චිත්‍රපටයක් වීම එයට හේතුවක්.

එතනින් නොනැවතුණු Sajid Nadiadwala මහත්තයාට වුවමනා වෙනවා Baaghi හි දෙවන කොටසක් නිර්මාණය කරන්න. ඉතින් එය යතාර්ථයක් කරමින් මෙවර අමීඩ් කාන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ Nadiadwala Grandson Entertainment වෙනුවෙන් Sajid Nadiadwala ගේ නිෂ්පාදනයෙන් Baaghi ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය අප හමුවට පැමිණෙනවා. මෙය බෙදාහැරීමේ කටයුත්ත Fox Star Studios ආයතනය විසින් සිදු කරනු ලබනවා. මෙම චිත්‍රපටයේ කතාවට පාදක කරගෙන තියෙන්නේ 2016 වසරේ නිකුත් වුනු තෙලුගු චිත්‍රපටයක් වන Kshanam චිත්‍රපටය. සිද්දිය එක වගේ උනත් Kshanam චිත්‍රපටයට වඩා බාගී 2 චිත්‍රපටයේ ලොකු වෙනසක් දක්නට ලැබෙනවා.

සුපුරුදු පරිදි Baaghi 2 චිත්‍රපටය සඳහාද ප්‍රධාන චරිතය සඳහා රංගන දායකත්වය සැපයීමට සුපිරි ක්‍රියාදාම නළු Tiger Shroff තෝරාගෙන තිබෙනවා. අමුතුවෙන් කියන්න ඕන නෑනේ දක්ෂ නර්තන ශිල්පියෙක් වගේම අතිදක්ෂ ක්‍රියාදාම නළුවෙක්. ඒ වගේම දක්ෂ මාෂල් ආට්ස් සටන්කරුවෙක් මෙන්ම ටයිකොන්ඩෝ වලින් කළුපටි ධාරියෙක්. 28 හැවිරිදි ටයිගර්ගේ ඇත්ත නම ජයි හේමන්ත් ෂෙරොෆ් වන අතර ඔහු ප්‍රවීණ රංගන ශිල්පී ජැකී ෂෙරොෆ්ගේ පුතණුවන්ද වනවා. Heropanti (2014), Munna Michel (2017) කියන්නේ ඔහු රඟපෑ තවත් චිත්‍රපට කිහිපයක්.

ටයිගර් සමගින් ප්‍රධාන නිළිය චරිතය නිරූපණය සඳහා මුලින් නම් යෝජනා වෙලා හිටියේ ජක්ලීන් ෆර්නැන්ඩස් හෝ ක්‍රිති සැනෝන් දෙන්නගෙන් එක්කෙනෙක් යොදා ගැනීමට. නමුත් පසුව පැවති ස්ක්‍රීන් ටෙස්ට් එකකින් අනතුරුව ටයිගර් එක්ක ප්‍රධාන චරිතය රඟපෑම සඳහා සුදුසුම කෙනා සුරූපී හුරුබුහුටිDisha Patani බවට නිෂ්පාදක කණ්ඩායම තීරණය කරනු ලබනවා. ඉතින් අන්න ඒ ආකාරයට මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සඳහා පණ පොවන්නට ඩිෂා පටානි හට වාසනාව උදා වනවා. නිෂ්පාදක Sajid Nadiadwala එක් මොහොතක පවසා සිටිනවා ” රිදී තිරය මතදී ඔවුන් දෙදෙනා අතර විශ්මයජනක බැඳීමක් තිබෙනවා. එය අපට ඔවුන්ගේ ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් පැහැදිලි වූවා. ඩීෂා තමයි ඒ චරිතය සඳහා ගැලපෙනම කෙනා. මට ගොඩක් සතුටුයි ඒ ඒ චරිත සඳහා ගැලපෙනම අය තෝරාගැනීමට ලැබීම ගැන. මේ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වනතුරු මම ද සිටින්නේ මහත් නොයිවසිල්ලෙන් ” ලෙසින්. එලෙස චරිත ස්ථිර වූවායින් පසු මාෂල් ආට්ස් පුහුණුව සඳහා ටයිගර් ෂෙරොෆ් Hong Kong බලා පිටත් කර හරිනවා. ඒ Tonny Ching කියන සටන් අධ්‍යක්ෂකවයා යටතේ මාෂල් ආට්ස් පුහුණුව සඳහා. ඒ අතරතුර ඩීෂා හටද ‘කරනම්’ පුහුණුවක් ලබාදී තිබෙනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්නේ මුලින්ම මුම්බායි වලින්. ඒ ගිය වසරේ අගෝස්තු මාසයේදී. ඉන්පසු පූනේ හි ඇති විශ්වවිද්‍යාලයකදී එම පසුබිම් වලට අදාළ රූගත කිරීම් වල මේ බාගී කණ්ඩායම නිරතවෙලා තියෙනවා. ඊට අමතරව මනාලි වලටද බාගී කණ්ඩායම රූගත කිරීම් සිදු කිරීමට ගොස් තිබෙනවා හිම ආශිත්‍ර දර්ශන රූගත කරන්න. ක්‍රියාදාම දර්ශන රූගත කිරීම සඳහා ඔවුන් තායිලන්තය තෝරාගෙන තිබෙන අතර ගෝවා සහ ලඩක් හිදීද රූගත කිරීම් වාර කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ වගේම විශේෂ සිද්ධියක් තමයි මේ චිත්‍රපටියේ එක්තරා දර්ශනයක් තියෙනවා ටයිගර් ෂෙරෝෆ් හට පොලිසිය විසින් නිරුවත් කර වධහිංසා පමුණුවන සිද්ධියක දර්ශනයක්. එම දර්ශනය රූගත කිරීමේදී ටයිගර් ෂෙරොෆ් සැබෑවටම නිරුවත් වෙලා ඒ දර්ශනය රූගත කිරීමට මුහුණ දුන්නා කියලා තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ.

ඒ වගේම තමයි සංගීතය ගැනත් යමක් සඳහන් කරන්න ඕන. ගොඩක් ලස්සන Soundtrack එකකට හිමිකම් කියන බාගී 2 චිත්‍රපටයේ පසුබිම් සංගීතය Julius Packiam සිදු කරනු ලබනවා. ඒ වගේම ලස්සනම ලස්සන ගීත කිහිපයක්ම මේ චිත්‍රපටියේ අඩංගු වෙනවා. ඒ හැම සිංදුවක්ම සිංහල උපසිරැසි එක්කලා අපගේ බයිස්කෝප් මංසල අඩවියෙන් ඔයාලට මේ මොහොතේ වුවත් දැකබලාගන්න පුළුවන්. ඔන්න ඔය ලස්සන ගීත කිහිපය අතරේ අපේ කණට හොඳටම හුරු ගීතයක් දකින්නට ලැබෙනවා. වෙන වෙන මොකවත් නෙවෙයි. Ek Do Teen ගීතය. Tezaab (1988) චිත්‍රපටය වෙනුවෙන් අල්කා යාග්නික් ගායනා කල Ek DI Teen ගීතයට සුන්දර නර්තනයෙන් දායක වන්නේ සුරූපි මධුරි දික්ෂිත් විසින්. හැබැයි ඒ 1988 දී. නමුත් ඒ ගීතේ රීමේක් වර්ෂන් එකක් බාගී 2 චිත්‍රපටයට අයිටම් සෝන්ග් එකක් විදිහට එක් කරන්න එහි නිෂ්පාදන කණ්ඩායම තීරණය කරලා තියෙනවා. චිත්‍රපටයේ අඩංගු මේ අලුත් ගීතය ගායනා කරන්නේ පලක් මුචාල් විසින්. ඒ වගේම මේ සඳහා ආරාධිත රංගනයෙන් එක්වන්නේ ජැක්ලින් ෆර්නෑන්ඩස්. ශ්‍රෙයා ගෝශාල් ගායනා කරනා වර්ෂන් එකකුත් අන්තර්ජාලයට එක්කාසු කරලා තියෙනවා දැකගන්න පුළුවන්.

මෙම වසරේ මාර්තු 30 වන දින ලොවපුරා සිනමාශාලා 4125ක රිදී තීරයන්හි ප්‍රදර්ශණය ආරම්භ කල Baaghi 2 චිත්‍රපටය මිනිත්තු 144ක ධාවන කාලයකින් යුතු වන අතර එය ඉන්දියන් රුපියල් කෝටි 60ක මුදලක් වැය කරමින් නිපදවන ලද්දක්. නමුත් එම වියදම පලමු දින ඉන්දියන් රුපියල් කෝටි 25.1 ක් ඇතුළුව ලොව වටා ප්‍රදර්ශනයෙන් දින තුනකින් ඉන්දියන් රුපියල් කෝටි 115.8ක් ලෙසින් සටහන් කරමින් නැවත උපයාගැනීමට සමත් වූ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පොත් අතර ලියැවෙන්නේ පළමු දිනයේදී වැඩිම ආදායමකකට හිමිකම් කියූ චිත්‍රපට අතරේ 16 වන ස්ථානය හිමිකරගනිමින්. එමෙන්ම සතියක් ගත වන අද දින වනවිට ඉන්දියාව තුල පමණක් ප්‍රදර්ශනයෙන් කෝටි 112.85 ක ආදායමක් ඉපයීමට මෙම චිත්‍රපටය සමත් වන්නේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ සාර්ථකම කාර්තුවක් නිමා කරමින්. 1990 වසරෙන් පසුව බොලිවුඩ් සිනමාවේ සාර්ථකම කාර්තුව ලෙසයි 2018 පළවෙනි කාර්තුව බොලිවුඩ් ඉතිහාස පොත් අතරට එක්වන්නේ.

Download Movie Here

අලුත් ෆිල්ම් ගන්න අපේ Page එකත් එක්ක එකතු වෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here