Sketch (2018) සැලැස්ම?

0
46

වික්‍රම්! මේ නම කිව්වම ඇති, දමිළ සිනමා රසිකයෙක් නම් අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැ. වසරකටත් වැඩි නිහඬතාවයකට පස්සේ තමයි වික්‍රම්ගේ චිත්‍රපටයක් නිකුත් වුනේ. මේ නිසාම දමිළ සිනමා රසිකයන් මෙම සිනමා නිර්මාණය දෙස බොහොම ලොකු විමසිල්ලකින් පසුවුණායැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි. වික්‍රම් සමගින් මෙම සිනමා නිර්මාණය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ සුරූපී Tamannaah Bhatia විසිනි. ප්‍රධාන රංගන ශිල්පිනිය සඳහා ප්‍රථමයෙන් ගිවිසුම් අත්සන් කර තිබුනේ, මලයාලම් සිනමාව තුලින් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණ, මේ වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන Sai Pallavi. නමුත්, Charlie (2015) මලයාලම් චිත්‍රපටයේ දමිළ ප්‍රති නිර්මාණයක් ලෙස A. L. Vijay විසින් අධ්‍යක්ෂණය කරන්නා වූ චිත්‍රපටයක් නිසා සායි පල්ලවී මෙම චිත්‍රපටය සඳහා සිය ගිවිසුමෙන් ඉවත්වීමත් සමගින් තමයි තමන්හා හට මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස එක්වීමට අවස්තාව ලැබුනේ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ,Vaalu (2015) අධ්‍යක්ෂණය කරන ලද Vijay Chandar විසිනි. ඒ වගේම, Action, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින් මේ වර්ෂයේ ජනවාරි මස 12 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම මේ වන විට Imdb දර්ශකයේ 6.5 ක අගයක් ලබාගැනීමටද සමත්වී තිබෙනවා.

පොත් උස්සන වයසෙ දී, පිහිය උස්සපු නිසා තමයි මේ ප්‍රශ්නය. ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්න අනිත් ළමයි එක්ක තමයි තරග වදින්නේ. ඒ වුනත් මේ වගේ පොඩි වයසෙදි ම රස්සා කරන ළමයින් එයත් එක්ක වැඩ කරන කෙනාව තමයි තරග වාදියා විදියට හිතන්නේ. මේකට කාරණාව ඔයයි, මමයි තමයි. මීට පස්සෙ මේ වගේ ළමයි කොහෙ හරි වැඩ කරනව දැක්කොත් වැඩ දීපු කෙනාගෙන් ප්‍රශ්න කරල අහන්න. ඔයාට පුලුවන් නම් ඉස්කෝලයකට ඇතුලත් කරන්න. පොඩි ළමයි වැඩ කරන එකට විරුද්ධ වෙන්න ඕනේ, එයාලට අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්න ඕනේ.

මොකද්ද මේ කතාව? අනිවාර්යයෙන් ඔයා හිතපු දේ ගැන නම් නෙමෙයි. ඊට ගොඩක් හාත් පසින් වෙනස් කතාවක්. ඔයා හිතන්නෙවත් නැති දෙයක් සිද්ද වෙනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා බලන්න කියල.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here